කෙසේ සිනාසිය හැකිද සතුටින්

කෙසේ සිනාසිය හැකිද සතුටින්

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

වේලෙන දිග හැරෙන තණ පතෙහි ඉදී හැලෙනා තල් පතෙහි ඉරට වේලෙන දිය බිදෙහි විකසිතව පරවන පෙති මතෙහි දියව යන විට තාරුණ්‍යය ඇදී එයි මහළු බව බෙනයට වදින උරඟකු සේ මලකඩ බැඳී ඇත ඇට මිඳුළු එසවිය නොහැක පා යුග වැටෙහි ඉණි මෙන් දත් දෙපළ සෙලව ගැලවී ඇත කෝණු හාසෝ - කිමා නන්දෝ කෙසේ සිනාසිය හැකිද සතුටින් එකොළොස් ගින්නකින් දැවි දැවී යන සිතකින් මන නන්දනීය විලසින් සිනාසිය හැක්කේද කෙලෙසින්
කවිය බලන්න