පසුවදනක්

පසුවදනක්

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

උඩවත්ත කැලේ ගස් - බිම හෙලා කුසුම් පෙති කළු වලා ඇදී විත් - සැඟෙව්වා ඉරේ එළි හැමුව මුත් සුසුම් වැද - බියකරුම සුළං රැළි නිසසලව ගල්වුනා - නුවර වැව් දියේ සුළි ගහලයා උඩට ගත් - කගපතේ කොණ වැදි ගිලිහුනා හිස කඳින් - ගලා ලෝහිත කැදලි අයියණ්ඩි බිය නොවන් - මහ හඬින් කිව්වාට නොදැන හිටියා නේද - පස්සෙ වෙන දේ ඊට ලියුවාට පොතපතේ - වීරයෙක් ලෙස මාර නම්බුවට පෙළපතේ -බරක් දුන්නට බෝම බේරගන්නට නුඹව - නොහිටියෙන් ළඟපාත අප්පච්චි ඇහැළෙපොළ - වැළපෙනව ඇති තාම
කවිය බලන්න