වෙන්ව යාම

වෙන්ව යාම

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

පෙරඹ'ර සියල් තරු කැට නිවී මිලානව යන මොහොතක , පෙනේ බොඳව බොර වූ මා දෑසට බැසයන්නට මැලි තරු කැට යුවළක් ළංව සිටිනු එකිනෙකා වෙත බැඳී සිටිනා කලෙක මෙන් උතුරා ගලන සෙනෙහසින් මත්ව අනවරතයෙන් මිහිදුම කඩා වැටෙන ඒ සීත හිමිදිරියේ බැලූවෙමි එදෙස වරින් වර මම එබී දොර කවුළුවෙන් මැඩී අපමණ කුහුලින් එවිට දුටුවෙමි දැල්වෙන'යුරු ඒ තරුකැට මහත් උද්‍යෝගයෙන් රැය නිමා නොවු කලෙක මෙන් ඉවත ගෙන නෙත් මොහොතකට යළිත් එබී බැලූ සඳ ඒ දෙස අහෝ ඒ තරුකැට දෙක මදක් නිවී ගොස් නිසලවී ඇත එවිට දැනුණේ මට වදනින් පැවසිය නොහැකි නුහුරු සංතාපයක්ම ය. බලා සිටින විට තව තවත් ඒ දෙස ඒ කුඩා තරු එළිය ක්ෂුද්‍ර වූ තිතක් ව මා දෑස් මානයෙන් නොපෙනී යන්නට විය සොයාගනු පිණිස වෙහෙසී, දෑස් ඉගිල්ලූවද දැකගත නොහැකි වුණි අරුණෝදට පත් අහස් ගැබෙහි කොතැනක හෝ එය එහෙත් බොහෝ දුර්වලව කණාමැදිරි එළි තිතක් ව පෙනෙන නොපෙනෙන තරමට මා පියවි දෑසට හුදෙකලාවෙ හිඳී නිහඬව මදක් ලොකු ඒ තරුකැටය තවම බැස නොයා ඉවතට තවත් සුළු මොහොතකින් ප්‍රථම හිරු කිරණේම සැඟවී යනු ඇත එය ද දෑසින් නවතාගන්නට නොහැකි බව දැන උකටලීව ගිය සිතින් ඉවත බැලුවෙමි මම
කවිය බලන්න