මෙලොවයි - එලොවයි

මෙලොවයි - එලොවයි

රංජිත් ද සිල්වා නවසීලන්තය

මෙලොව අපේ ජීවිතයට - සැප සම්පත් පුරවන්නට සුදු ඇඳගත් කළු මිනිසුන් - කැසකවනව හැමදාමත් කොපමන නම් කතිර ගහල - ඇතිද කියල මතකත් නැහැ ඒත් ඉතින් සැපවත් වුනේ - ඔවුන්ගේ සනුහරේ තමයි අපි තාමත් හැමදාමත් - එකම සිහිනේ නරඹනවා එලොවට ගෙනියන්න දෙයක් - දිව්‍යය ලෝකේ යාගන්නත් ආශාවන් අත් හැරලා - පිංකම් කරගන්න කියලා නොපෙනෙන ලෝකය පෙන්වා බන ඇහෙනව හැමදාමත් හම්බ කරපු සොච්චමෙන් - පිංකම් කලෙ සර්ධාවෙන් බන කිවූ ඒ පිනෙම්මදෝ මෙලොවදීම ඔවුන් ලබන රථවාහන තනතුරු හැම දැක්ක විටදී (සාදු සාදු සාදු) කියලා - නිකන්ම මට කියවෙනවා 25ජනවාරි 2022
කවිය බලන්න