එදා කවි ලියූ නැගණිය

එදා කවි ලියූ නැගණිය

ජයතිලක කම්මැල්ලවීර

“එදවස ඔබ ලියූ කවි කියවමි අදත් මම මෙතරම් හද කිතිකවන වදන් මෙතරම් නෙක අරුත් පිරි කියුම් මෙතරම් රමණීය යෙදුම් ලීවේ ඔබ ම නොවන්නෙද? දරුවන් වදා, හදා උන් කවා පොවා, නහවා වැටුපට ළමයින්ට උගන්වා ඔබ ඉන්න බව දන්නවා අද කවි නොලියා ම” “ඔබ දන්නෙ නැතුවාට අදත් මම හැමදාම හිතෙන් කවි ලියනවා මේ ගෙවන ජීවිතේ ඒ කවියෙ තියෙනවා කාටවත් නොපෙන්වා හංගගෙන ඉන්නවා
කවිය බලන්න