අපි ඉතිං දැන් වහිමුද?

අපි ඉතිං දැන් වහිමුද?

නුඹ මුවදෙනක මෙනි නිකට හිමි උර මත ය කෝල ය මදහස අවසරැ‘ති මද පමණට මෙනි අතැඟිලි වෙලා උහු අත, කොඳුරයි “ම්... ම්...”‍ නො ඉක්මයි කාලෙකින් දුටු නුඹ හිමි - මා මිතු සල්ලාපය අතර සුසංවර ලීලයෙනි අවුළුපත් ගෙනවිත් තබා විටින් විට, යළි යළිත් ඒ උරම වත හොවා කිසිවක් නොදැන මෙන් පා මහපටැඟිල්ලෙන් ගෙබිම මත කුඩා කවයක් අඳියි අරමුණකින් තොරව මදකට අලු‍ත් අත්බණු තිරෙහි ඇස ගා පසෙකින් තබමි ඒ කෙටි පණිවිඩය පැරැණි දුරකථන තිරයෙන් මකා දැමුවා මතක ය ”‍අපි ඉතිං දැන් වහිමුද?”‍
කවිය බලන්න