මගේ නත්තල

මගේ නත්තල

මර්සලීන් ජයකොඩි පියතුමා

මගෙ නත්තල දුගියා බත් කන දාය මගෙ නත්තල වැරහැලි නැතිවන දාය මගෙ නත්තල ඔබේ අත සැනැසෙන දාය මගෙ නත්තල පව පල්ලිය යන දාය නෙත යන යන තැන වෙහෙරක් පෙනීයන් වෙහෙරක් නැති තැනක වෙහෙරක් තැනීයන් ඉන් එන පණිවුඩය නුවණට දැනීයන් දුටු දුටු විට සිත තුළ සිල් ගැනීයන් වැරහැලි ඇන්දත් චරිතෙන් සුදු වෙමු පන්සිල් ගතියෙන් රුදු නොව මුදු වෙමු රට දැය රැකුමට දිවියට බදු වෙමු සුදු වෙමු මුදු වෙමු බදු වෙමු බුදු වෙමු
කවිය බලන්න