රුව ඇති දෝණිට....

රුව ඇති දෝණිට....

සාගරිකා ශ්‍රී පාලී කිරිආරච්චි වෙියන්ගොඩ

සිත් විල පොබ කළ පියුමක් වැන්නී සත්සර මුසු කළ ගීයක් වන්නී සිප් සත දැන නැණ ගුණ පුබුදන්නී දුක් දොම්නස් පිරි පත දුරලන්නී කිරට හැරුණු ලෙය ළමැදින් පෙරුණී එසඳ වැඩූ සෙනෙහෙන් සිත පිරුණී උකුලු තලෙන් බට රුව ඇති දියණී දිගු පුලුලයි ලොව නොදුවන් සැණෙනී මලින් මලට පියඹන බඹරින්දූ තුඩින් තුඩට අම මී රස කැන්දූ නෙතින් නෙතට මල් සර විෂ බැන්දූ රුවින් නුඹගෙ තැනුවයි ගී සින්දූ නන් විසිතුරු දිගතේ බබලන්නේ බිම්බරකට නළු සේනා එන්නේ නන් වෙස් බැඳ ඉදිරියෙ රඟ දෙන්නේ සන්සුන් සිත දෝණී, නොසැලෙන්නේ
කවිය බලන්න