දාසියකගේ විළාපය!

දාසියකගේ විළාපය!

වාගිස ප්‍රනාන්දු

ලොකු හාමු අනේ මං - ඔබෙ නිවසෙ දාසියයි කුස්සියේ වැඩකලේ - “පොඩි සෝමා” මං තමයි නෝනා නැති වැසි දිනේ- මා ගැහැණියක් කලේ කුසට ආ දරුවගේ- නුදුටු අප්පා නුඹයි ! දිනෙන් දින මෝරනා - කුස කෙසේ හංගම්ද? ගෙනැත්දුන් බෙහෙත් පෙති - පලක් නොවුනේ මන්ද? අන්තිමේ නෝනගේ - ඉවට හසුවූ මාව පැන්නුවා ගෙදරිනුත්  - වන්දියක් නොලබාම එතැන්සිට පාරේය - කාත් කව්රුත් නැතිව වේල සරිකරගන්න - අතපෑවා හැම දෙනට උකුසු ඇස් මගහරිනු - නොහැකිවිය අන්තිමට බඩගින්න නිසා මට - වුනේ පණමටත් බුදියන්න වීදි සරණා ලියන් - රටට කැළලක් නිසා නීතියේ මුරදෙටුවො - දැල එලයි අප වටා උඹ කුසේ, මං කෙසේ - දුවන්නද ඒ දිනේ? කොටුවුනා ඒ නිසා - නීතියට මං එදා අච්චු කෙරුමට කියා - උසාවි ගෙන ගිය විටේ තමයි මා දුටුවේ - ඔබ සිටින උස් ආසනේ තෝල්කයා හඩ තලයි - චෝදනා කිය කියා මං කුමක් කිව යුතුද ?- අනේ මගේ ස්වාමිනේ! මගේ රංකැටි පුතේ - බය වෙන්න කාරි නැහැ උඹේ අප්පා තමයි - යුක්තියේ දෙවගන මෙතැන අන් අයට මක් කලත් - උඹ කුසේ හින්ද මට සමාවක් ලැබේවි - නවා හෝ නීතිය අදට කූඩුවේ අපි පහම - එක දිගට සිටගෙනම තෝල්කයා සද්දෙන්ම - කියයි තීන්දුව අපට මාස තුනකට, පහම - වැලිකඩ සිපිරිගෙට වරද මගේ වුනත් පුතේ- අප්ප උඹටත් අච්චු කල නොවැ?
කවිය බලන්න