ලෝ(කුරු) උස් මිනිසෙක්

ලෝ(කුරු) උස් මිනිසෙක්

නිශ්ශංක දිද්දෙණිය

රාමුවක පඩි පෙළක - පාස්සන ඇමුණුමක වෑල්ඩින් මල් පොකුරු - පිපී විසිරී බිඳෙයි වැඩ පොලේ යකඩ දඩු - නෙක රුවින් රූ මවයි කුටුම්බය + වැඩපොල ද - සම බිමෙක පණ ගැහෙයි මහ විකුම් නොරත රත - යා කඳන් අවනත ව අවදානමේ නපුර - නැඩ පලංචිය දරයි බිමට බැස ආ කලට - යෝධයකු සේ පෙනෙ යි ගොඩ නැගෙන බිල්ඩිමක - ගත සවිය දිය කරයි පුරහඳේ විරාමෙන් - පන්සලේ සිල් පුරයි යකඩ ගොඩ වසඟ කර - පණ පොවන දිවි මඩල ඇම ද රළු කටුක බව - මුළුමණින් පහ කරයි හරය ගෙනක බරසාර - ජීවිතේ කැස කවයි ඔබ ඔබෙන් ඔබට ගෙන - වපසරිය විසුරුවයි දිවි රැකුම විනෝදය - සතුට මනදොළ වඩයි “යකඩ මෙලෙක වන්නේ - ඔබ වෙහෙස දැකයි වෙහෙස යකඩ වන්නේ - හිත මෙලෙක නිසයි” (2021 මැයි 01 දා)
කවිය බලන්න