සුරලොව ගිය පියෙක්

සුරලොව ගිය පියෙක්

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

අලුයම පිබිදී ලිප           ගිනිලන්නේ සැමටම තේ ටික හදලා        ගන්නේ පුතුහට රිසිදේ විගසින්          දුන්නේ කුඹුරට උදයේ සතුටින්         යන්නේ අරුණළු වැටෙන්නට පෙර   ගම්දොරට දොරගුළු අරින්නට අපෙ   ගෙයිදොරට යුහුසුළු කරන්නට සැම     අවදිකොට මුවගොළු බිඳින්නට පෑවේ     සිනහකට අඳුර ගලනවිට නිවසට   ආවේ ගෙදර බලා යලි  කඩයට දිව්වේ උයා බෙදාදී බත්ටික     කෑවේ මැදියම කවුදෝ හදවත   පැලුවේ වැස්සට තෙමි තෙමි කුඹුර කෙටු     අපි අව්වට දැවි දැවි ගොයම් කැපුව          අපි සවසට නැමි නැමි තෙරුවන් වැඳි       අපි අපහට නැති වුනි රුවනක් රැකි        අපි කෙටුවත් කුඹුරේ දවසම    වෙහෙසි දැනුනත් සිරුරේ රිදුමක්      හදිසි නැතිමුත් සිතුවේ හරියක්      අදිසි වියොවින් තැවුනේ පුතනුන් මෙලෙසි
කවිය බලන්න