ගිනි මකරාගේ දවල් හීන

ගිනි මකරාගේ දවල් හීන

උදයංග අමරසේකර ප්‍රංශය

ඇගෙ නාඹර නාභිය තුළ සිත් සේ වක ගැහී නිදන ගිනි මකරා වෙමි ය මම වින්කලය ළඟ තනි කකුලෙන් හිටගෙන කොට කලිසං කොරවක්කෝ ඇගෙ ඉඟ සුඟ ගනිති ඇහින උන්ගෙ සල්ලාල විසිල් මගෙ නින්ද කැඩුයෙන් හීන් ගිනි ධාරාවක් විහිදුවා උන්ව කරකර බුදිනු රිසියෙමි ෆ්රයිඩ් චිකන් මෙන් ! සිතුවම : කත්සුෂිකා හොකුසායි (Hokusai), වළාකුළු තුළ සැඟවුණු මකරා, ජපානය, 1849.
කවිය බලන්න