යකුළු  බිඳ බිඳ  බිඳින බුදු බඳ

යකුළු බිඳ බිඳ බිඳින බුදු බඳ

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

යකුළු බිඳ බිඳ බිඳින බුදු බඳ මිනිසුනේ ..... විකල් වි ද නුඹ මනස දෑස අඳ වි ද කෙලෙස් අඳුරින් නොපෙනේ ද මෙත් ගඟුල් ගලනා සෙල් රුවක හදවතේ සැඟවුන විවර කර ලය සොයනු කෙලෙස ද සිහිනයක දුටු අනගි මරකත මහරු දම් කඳ නොවෙ ද මිණි කැට දෑස අබියස නුඹට නොපෙනෙන 2008 තෘෂ්ණාවෙන් දෑස් අඳ ව යකුළු පහරින් සිය මුතුන් මිත්තන් නිර්මාණය කළ බුදු පිළිම බිඳිමින් රන් රුවන් සොයන අමනයින්ගෙන් වැඩි පිරිස දෙදහස් පන්සියයෙ සංස්කෘතියේ දරුවන්ගේ දරුවන් වීම බලවත් ඛේදයකි
කවිය බලන්න