අප්‍රමේය (මිනිසෙකු) මිතුරෙකු ගේ නික්ම යාම

අප්‍රමේය (මිනිසෙකු) මිතුරෙකු ගේ නික්ම යාම

නිශ්ශංක දිද්දෙණිය

(78 වියේ දී, 9 වන දින 2021 ජූලි ) "නභජේ පාපකෙ මිත්තේ නභජේ පුරිසාධමේ භජේත මිත්තේ කල්‍යාණේ භජේත පුරිසුත්ත මේ" "නෑවිත් යන්ට බැරිය නොගොස් එන්ට බැරිය" -දෙවොන්දරා සං බකමූනෙකු 'හූම් ' ගෑ මහ රෑ යාමේ ටෙලපෝනය හැඬුවා නිදි යහන ඉමේ නිදි ගැට කඩ කඩා ගහ ගත්තාම කනේ නුඹ අප හැර දමා යන්න ම ගොස් තිබුණේ පිහිටක් ඉල්ලුව ද නැතුවද නොහිතා ම පිහිටට අනුන්ගේ දුක ගෙන කයට තම පෙරමුණ ගත්තු හැටි සිහිවන හැම විටම වැළපෙයි හිඩැස යළි නුඹ නොම එන බැවින නිලදරු රාජ සේවය උර තබා ගෙන කළ රන් සේවයකි පඩිපත විදාරණ ලොකු පුටු වලට ලඹ දුන් තන්වැසි නුවණ ඒ අය දනී නුඹෙ යහගුණ කඳ වටින තුට කළ මිහිරි ඇසි දිසි සැමරුම් ගානේ තුරුණේ වසත් කල ගෙවු හැටි හන්තානේ සිහිවන විට ගලා එන හදමඬල කොනේ කඳුළක ලුණු ගතිය අප නෙතු අගට දැනේ පසුපස හඹා යන රුපියල් සත අස්සේ මනු ගුණ පහව යනු දැන ජන ගණ බිස්සේ සිත ගත පුරා දැල්වෙන පණනල අස්සේ මේ නය ඇසුරෙනු යි නුඹ කහවණු ඉස්සේ නිවහන බැඳුම් කොටු කර තහනමක ඉරෙන් මර බිය වෙළී ඇත මුළු රට වසංගතෙන් ආවත් බැමි කඩාගෙන නුඹ ළඟට දුකින් "පිස්සු ද මචං " පෙට්ටියෙ හිඳ කියයි ඉතින් මොළකැටි එකම දූ මරු තුරුළට යාම බිරිඳත් තුරුණු පුතු අකලේ මියැදීම ඉවසා දරා නුඹ දිවි ගෙව් හැටි කීම සමවෙයි ඉකුත් වතකට මුනි දෙසු දහම දුක සැප කිරා හද ගැඹරේ පතුල මැන දමනය කර දිවිගෙවූ මුත් සලිත මන සෙනෙහස සතුට දුන් අඹු දරු අහිමි වුණ නුඹව ද 'පටාචාරා' වෙස්ගත් මහණ හවුලක මිතුරු දම බැඳගත් අත නෑර සොඳුරුයි රස ආරකට බඳු 'ලක් පොහොර' අලෙවිය වෙළුණු, නොවෙළුණු මනු ගුණෙහි බර කෙලෙසක දරා ගන්නේ නුඹ නැති අඳුර "නෑවිත් යන්ට බැරිබව හොඳහැටි දනිමී නො ගොසින් එන්නටත් බැරි ඇති තතු දනිමී නුඹලා සසර මග හමුවන බව දනිමී" 'චුති චිත්තය නුඹේ එයදැයි සැක කරමී' 2021/07/10
කවිය බලන්න