1983

1983

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

ළමාවියට ගිනි ඇවිලුණු - කළුවන් කළු ඇසල මහේ සේකර කිවි සිටියා නම් වක්කඩ ළඟ වැටෙන දියෙන් එගිනි නිවාවී පාලු අඳුරු නිල් අහසින් අසනි සලාවී සරස්වතිය දුරුරට ගිය - කළුවන් කළු ඇසල මහේ මානවසිහ සිටියා නම් දේහි දේහි වර දෙන අත් නමැද සොයාවී මහබෝ වන්නම් දකින්න වඩිනු කියාවී දෙඩූ බසට මුගුරු නැගුනු - කළුවන් කළු ඇසල මහේ සමරකෝනුන් සිටියා නම් එක මවකගේ දරුකැල දැක කදුලු සලාවී ඇසුන මධුර ජීවන ගී කොයිද අසාවී
කවිය බලන්න