හද ඇල්මක දිගු ගැල්ම

හද ඇල්මක දිගු ගැල්ම

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

හරිත තෘණ භූමියක් වෙන්නම්, සා ගින්නෙ සරනා මුව රදුන් නුඹ නම්, ළවැලි පිරි මුදු මංපෙතක් වෙන්නම් කටුකොහොල් පිරි රළු මගක නුඹ යා නම් තරු මලක් වෙන්නම් නුඹේ නෙත ළඟ රැයේ ගැඹුරෙදි මං, සඳ එළිය වෙන්නම් තනි නොතනියට සෙවනැල්ල රඳවන්නම්. තෙළිතුඩක් වෙන්නම් හදේ බිතු, සිතුවමින් සරසන්නම් පන්හිඳක් වෙන්නම් හැඟුම් කවි ගී අකුරුකර දෙන්නම් මද පවන වෙන්නම් ගතේ දාහය දුරට පළවන්නම් දොළක් වී ඉන්නම් නිදනතුරු නුඹ සෙමෙන් මුමුණන්නම්
කවිය බලන්න