හිටි-වන-ය

හිටි-වන-ය

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

අරගෙන අලුත් අරුතැ'ති හෙළ පද වස් සා පරගැති නොවන ලෙස සකසුරුවම් බස් සා තරඟය නොමැති තරඟයකට මුල ගස් සා වර-වර කියන්නට හිටි - වන - කවි දස් සා අසන දනා තළමින් අත්පුඩිය වැරෙන් කියන කතා අසමින් නද හඬන සැරෙන් දසුන මවන මනසේ පද ගැටෙන සරින් අසුන ගනී දෙ පස ම කවි වරමෙ නමින් රෙද්ද බැනියම ද කලිසම කමිසය ද ඉද්ද ගැසූ සේ සැරසුම යුදයට ද විද්ද පද හියෙන් දෙ පලු ව කැපුමක ද සද්ද මිසක හිතවත්කම එලෙස ම ද ප්‍රතිවාදියා වේගෙන් පවසන දේ ම අනෙකා හරවමින් ඔහුට ම පැවසී ම තරඟයකට පුරයි දිනුම ද පැරදී ම වෙනසක් නොවෙයි හැකියාවයි පෙළඹී ම උපමා - උපමේය ගෙන හැර දක් වන් නේ කළතා රසය මිහිරත් උපදා දෙන් නේ වෙසපති නැතොත් විසපති නැටුමට එන් නේ කිවිපති - කිවිපතිනි කවි හර සර සන් නේ රස - බර අරුත් දනවන තැන-තැන ගෙතුණූ කවි -කර කියන අන්දම අහගෙන සිටිනූ කට - සර වදන් ඉඳ - හිට මතු වෙන ළකුණූ හැම - වර උලුප්පයි සිත උපදන කරුණූ සියුමැලි ලෙසට සඟවා පද අතර බ හා දෙන්නට සොඳුරු සිතුවිලි රූ හදට ව හා සඟවන අරුත පැති දෙක පිහියකට එ හා ගෙන යන්නට කියමු කවිකම දන්න ම හා අවුලා ගනිති සමහරු පද පුපුරු ගිනී වවුලා වගේ එල්ලී සිල බඳිති වැනී කොවුලා පරාදයි නිතර ම ගැයෙන තැනී අහුලා ගනී කට පල්ලෙන් බහින පැනී සැසැඳුම ගැළැපුම ද පද අරුත ද අ රු ම වෙසෙසෙකි විමසුමට සෙව්වොත් පද න රු ම දැනුම ද හැකිකම ද පද පෙරළියෙ පි රු ම හිටි-වන-කවෙන් කිව හැකි දේ ඇත පු දු ම!! 01/07/2021
කවිය බලන්න