සසර සයුරින් එතෙර වන්නට සතට හැකි මඟ දුටු දිනේ

සසර සයුරින් එතෙර වන්නට සතට හැකි මඟ දුටු දිනේ

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පානදුර

එතෙර වන්නට - සසර සයුරින් සතට හැකි මඟ දුටු දිනේ හිමි පුදන්නට - වෙහෙරකට යා නො හැකි මුත් තෙල් මල් ගෙනේ දස මරුන් හට - මඬිනු බැරි වුණු දම් සවිය සිත - ගත දැනේ කොරෝනාවට - කුමට පැරදෙනු, තෙද බලැ’ති සිවු හෙළයිනේ? සිඳු ගොඩට එත - පරඬැලට තණ නොමැති මුත් සුරැකෙන පිනේ මහ මෙරට ඇත - සවිය නොසැළෙන, සැඬ සුළඟ පිපුව ද පෙනේ හෙළ දැයට හිත - බිම නොවිකුණන - රටට ණය නැති - මිනිසුනේ බිය අපට නැත - කොරෝනා උණ දහක් ආවත් හෙට දිනේ ! ඇති දිවැසෙ දිස - කුළුණු මෙත සිත සුගත සම්බුදු සමිඳුනේ බැති සිහළ දෙස - යොමා බුදු නෙත වැඩ නැවත ගෙන දම් සෙනේ ගැති කමෙහි විස - දුරැර දස අත කවා ගුණ - නැණ තෙරුවනේ නැති සතිය හිස - පුහුදුනට හිත නිවන මඟ යළි දෙසු මැනේ !!!
කවිය බලන්න