ප්‍රිය සබඳ

ප්‍රිය සබඳ

ජගත් ප්‍රියන්ත පරංගොඩ, දෙකටන.

සසර කතරේ
පුරුදු ලෙස පතාගෙන පැමිණ,
කටුක දිවි මඟට
දිගු කළා ඒ දෑත සෙනෙහසින්.......

ජීවිතය ඔද්දල් වෙලා
පරාජිතව ගෙවෙමින් තිබූ
අඳුරු නිමේෂයට
විරාමයක් තබමින්....

වසන්තයට අත වනා
කිතිකවා ලය මඩල,
තෙත් කළා සිත
ආදර වැස්සෙන්.......

පපුතුරේ හිස තියා
මුමුණමින් මිහිරි වදන්
ඉඟි කළා හදවතට
සුපිපි පියුමක් ලෙසින්....

තිස් වසක් ගෙවී ගොස්
අප තැනූ කැදැල්ලට,
දූ පුතුන් කර උසට
නුඹ මට දායාද කල.

තුති පුදන්නම්
දිවි මඟට ඔබ දුන් සවියට
සෙනෙහසේ නාමයෙන්
මා ප්‍රිය සබඳ...

කවිය බලන්න