ඉසුරුමුණි වෙහෙරේ පෙම්බරිය

ඉසුරුමුණි වෙහෙරේ පෙම්බරිය

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

කිමිදිලා සිත පත්ල
කොඳුරන්න සොඳුරියේ
යා කරන් හුස්ම පොද
විඳ ගන්න ආදරය
වෙසෙන පෙම්බරිය සේ
ඉසුරුමුණි වෙහෙරේ

නුවර වැසියන් සැවොම
නිදිගත් රැයක තනිවම
හමුවෙමු අපේ ලොවෙහිම
දැවටෙමින් ප්‍රේමයෙම
වෙසෙන පෙම්බරිය සේ

හැමදාම මා ළඟය ඔබ
නිතර පෙම් හැඟුම් පාමින්
සුකුමාල තෙපුල් වදනින්
සනසන්න මා ප්‍රිය දේවි
වෙසෙන පෙම්බරිය සේ
ඉසුරුමුණි වෙහෙරේ

කවිය බලන්න