පව්කාර ප්‍රේමයට.... ගල් ගැසීම

පව්කාර ප්‍රේමයට.... ගල් ගැසීම

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

මුහුණ බිමට නැඹුරුව තිබිණි

වස්ත්‍රද තැනින් තැන ඉරී

සිටියාය ඇය බිම වැතිරී

ගුරුදේවයිනි ! මේ ප්‍රේමයයි .

අයුක්තියේ ගල්කැට අතැති

සදාචාරයේ සළුවෙන් සෙලුව වසාගත්

ඔවුහු මොරගැසූහ

අල්ලා ගතිමු අසම්මතයේ යහනෙහි සිටියදී

ගල්ගසා මරා දැමිය යුතුයි

උන්වහන්සේ ඇඟිල්ලෙන් බිම යමක් ලිව්වේය.

"හදවතක් නැත්තෙක් පළමු ගල ගසත්වා!"

කවිය බලන්න