නාඬන්න සුප්පා

නාඬන්න සුප්පා

නුවන්තිකා එදිරිසිංහ රාජගිරිය

කම්කටොළු නෙක මතින් දිවි සැරිය හප්පා සුවඳ දෙන කැකුළු මල් ලෝකයට පුප්පා දුක සතුට කඳුල, හස සුමට ලෙස ගලපා දරු දෙදෙන දුර ගියැයි නාඬන්න සුප්පා ලෙනට වී නොසිටාම දරා බර වැඩියත් නොසිඳනා දරු පෙමකි සමකලැ'කි සිඳු සත් පණ නලත් දෙවැනි කොට කළා දරු රැක්මත් පිරූ පෙරුමන් ඇතිය වෙන්න මතු බෝසත් ඉදින් දොර බිඳ හෙලා ලෙනෙන් නික්මුණ පුත වඩන් පිතු සෙනෙහසේ අසීමිත වූ මෙත නසන් ගම්දනවු නොව කෙලෙස් බැමි හදවත දුරින් සිට පතන්නම් නිරන්තරවම සෙත
කවිය බලන්න