සකපෝරුවෙි ජීවිතේ

සකපෝරුවෙි ජීවිතේ

සුනාත් විජේමුනි

කැපුනු මැටිපිඬ දියෙහි මුසුකොට වෙහෙසවී එකසීරුවේ කයෙහි දහඩිය බිඳිති ඉස ඉස කරකවා සකපෝරුවේ රැයෙහි දහවල බඩවියත රැක ගෙව ගෙවා පව පූරුවේ ලිහෙනු පෙර ගත ප්‍රාණ වායුව තබනවා දුව පෝරුවේ වළඳ වෙනසක් නොකර එක ලෙස රස නහර පිනුවත් දිවේ කුලය තවමත් වේලි බඳිනව අසිරි යටකරමින් රුවේ අසෙනි මල් ඉස නගා සක් හඬ සුබ ගමන යන දින ලොවේ දෙපස තැබු පුන්කලස හැඩ කලෙ කුඹල් අතකිනි පෝරුවේ නුවණ දරුකැළ හිස පුරන්නට දිවියෙ බරමයි ඉහිලුවේ බිඳුණු කරගැට සැඳෑ ගොම්මන මල් පැණිය යට සැඟවුවේ කතිර යුද්ධෙදි කුලය දියවී සම බිමක හිඳ සැලකුවේ ඉසුරු ගෙන දෙන සුබ නැකතෙ කිරි අපියි මැදුරේ ඉතිරුවේ
කවිය බලන්න