කළණ මිතුරු

කළණ මිතුරු

කල්‍යාණි පෙරේරා

මතුවන හැම ගැටලුවකදි අතනෑර​ පුරුදු ලෙසට එයි ඔහු නැත සිතපාර​ බියක් කොහෙද​​ සපුන් මැදත් විසගෝර​ කළණ මිතුරු නොපැකිලවෙයි උපකාර​ තමනට වුනු දෙය ලෙසටම කරනෑර​ දුකට පිහිටවන ගතියකි තිරසාර​ ජීවිතයට කරදර එන හැමවාර​ කළණ මිතුරු ළඟ සැනසුම යයි දෝර​ ගොනු පසුපස සක යන ලෙස හැමපාර​​ දුක සැප එයි දිවි මග කැරකෙන වාර​ කොහි වෙනසක් ඇති නැති වග නොමතෝර​ කළණ මිතුරු වෙරළයි ළඟ රුවනාර​ දිවියට ගෙනෙමින් අරුතක් බරසාර​ වලකන අකුසලයෙන් දුටු හැමවාර​ වඩවන සිතුවිල්ලෙන් සිත පින්සාර​ කළණ මිතුරු සැපතක්මය සංසාර​ Photo credit; Shuvro Mojumder
කවිය බලන්න