ප්‍රේමය නිදහස් කවියක්

ප්‍රේමය නිදහස් කවියක්

රවිනි රත්නසේකර

ආකර්ෂනීයව පෙනෙන්නට පාට කඩදහියක් ගෙන, නොමැකෙන ලෙස තෙලි තුඬින්, කුරුටු ගාමින් කපා කොටා පද සමගින් තුලාබර ගලපා ලියන්න වෙහෙසුනි රාමුවටම සිව්පද කවියක්.. ලගු ගුරු හා මාත්‍රා සමකොට පබදින්නට අපොහොත් විය. පුනරුත් දොස දොසක් උවත් ඒ බැව් දැන දැනමත් මම අලංකාරය සඳහාම එය සියුම්ව යොදා ගතිමි. අපාර්ත දෝශයනම් කිසි විට සිදුවන්න නොදී, අර්තයක්ම එක් කරන්නට වගකීමෙන් වගබලා ගනිමි. දශමහ දෝෂයන් අතරින් අමුණ අමුණා යලි යලිත් කියවා රසය විඳ ගමි. කොන්දේසි පසෙකට දමා ලියූ සිව් පද කවිය, නොදැනම නිදහස් කවියක් බවට පත් වී ඇත. මම අතින්ම ලියවුනු ප්‍රේම නිදහස් කවියේ සුවබර,ආත්මීය රස විඳ ගමි.
කවිය බලන්න