හාල් මැසි කඳුළු

හාල් මැසි කඳුළු

වසන්තා ගමගේ රත්නපුර

පිහිනන මායිමේ සීමා නොදැන සිටී දිය අත ලෙස ඇදී දියඹෙහි මැදක ගැටී දහසක් පියාසර යානා විලස වැටී පැටලී එකිනෙකා තෙරපයි කඳුළු කැටී දැල මත ගැටුන තෙත නෙත් නොම පෙනෙන තැනේ අමු හෝ වියළි ලෙස සැකසෙයි හතර කොනේ ධනපති මසුන් නොදකින පුර පොහොය දිනේ කුඩමසු හාල්මැසි මසවුළු අතර පෙනේ කිසි දින සෙනෙහසක වරුණක් නොලැබු ලෙසින් අනතුරු දැලක අත්පසුරට සිරව ගොසින් හැම පන්තියෙම අහරක වැද නොයෙක රසින් වින්දද හාල් මැසි බොජුනක් ඔබද තොසින් රිලවෙකු ගැන පවා දුක් ගෙන මග නොහැර වැනසෙන සතුන් ගැන විපරම දෙන නිතර පරිසර කමිටු දස දහසක් ඇත පවර පොඩි එකෙකුගෙ නැසුම නොදුටුවෙ කිම මිතුර Photo Credit:sohrab zia
කවිය බලන්න