කේතකී ලඟින් හිදින්න දිවි තිබෙන තුරා

කේතකී ලඟින් හිදින්න දිවි තිබෙන තුරා

ඉන්දික ක්‍රිශාන්ත අබේරත්න ඉතාලිය

කේතකී නුඹත් පිපෙන්න කාටවත් හොරා මා වෙතේ තවත් දැනේවි ඔය සුවඳ නුරා ආදරේ කවක් ලියන්න හදවතින් සරා ලංවෙලා කියන්න එන්න ඉමි පෙරුම්පුරා කාලයක් ගෙවී ගියා ම මතක හංගලා ජීවිතේ පැතුම් සියල්ල දුරක පාකලා ඔය දසුන් නෙතින් දකින්න නොහැක ලංවෙලා මාවතේ සුලං හමන්නේ ඔබෙ සුවඳ සලා හීනයක් තවත් තියේවි සසර ඇති තුරා රෑ දහක් පහන් කරාවි නින්ද ගෙන සොරා ආලයක් මියෙන් කෙසේද සිතක් ඇති තුරා කේතකී ලඟින් හිදින්න දිවි තිබෙන තුරා
කවිය බලන්න