දෑතෙ වාරුව ගනිමි පුතුනේ

දෑතෙ වාරුව ගනිමි පුතුනේ

එච්. එල්. කල්‍යාණි ලියනගේ

හීන තුළ ගොනු කරපු පැතුමන් සැබෑ නොමවී ඇදෙනවා පාරුවක යන රුදුරු ගමනම සිතේ බිය සැක වඩනවා දිවිමගේ සැඩ සුළං හමුවේ අපව හෙම්බත් කරනවා දෑතෙ වාරුව ගැන සැකක් මට කිසිම දිනයක නොවෙනවා පරතෙරක් නැති සයුර වාගේ අපේ දිවි ඔහෙ ඇදෙනවා හිරු රැසක් වී එළිය දෙන්නට නොලැබු හිමිකම් සොයනවා තනි කමක් මැද දැනෙන සරතැස හිතට සවිබල ගෙනෙනවා නිම්තෙරක් පෙන්වන්න නුඹලට මගේ රුහිරය පුදනවා පවනැල්ල දෙන හිරිගඩුව ගත උණුසුමක සුව රැඳීයන් සිතිවිල්ල හා ගැටෙන හදතුළ සැනසුමේ එළි පෙනීයන් කැළඹිල්ල පා නැගෙන සිඳු රළ තව තවත් රළු නොවීයන් සෙවනැල්ල වී සිටිය හිමිගේ බැල්ම අපවෙත ලැබීයන්
කවිය බලන්න