තිස් පස් පිඩක් ඉහින්නට ඉතුරු වේවිද කවුරු

තිස් පස් පිඩක් ඉහින්නට ඉතුරු වේවිද කවුරු

ධනුෂ්ක ඉඳුනිල් දික්හේනගේ ඇඹිලිපිටිය

රස ඉහුන පෙම එක්ක පෙති සුවඳ විහිදිච්ච පිස හමන නල වික්ක පිපි කැකුළු මල පිච්ච විස නොදැන පිනි රැක්ක උමතුවක පැටලිච්ච ඇස මිරිඟු දිය දැක්ක හිතලුවකි සැනසිච්ච අත්සනින් නොදුන්නට ඔප්පුවක දිවුරලා වත්කමින් බිඳක් නැත සින්නවම පවරලා ලත්සැනින් මිටෙන් හල රොන් රසය පුරවලා ගෙත්තමින් එකින් එක මල් මදිර යයි පලා පිදුව පෙම රස බලා විඳ වියරු පහසකට තැළුව පෙති විසි කළා නුඹ මිතුරු බිඟු කැළට පැතුව ලොව කිමිදිලා නෙළු තඹුරු පුදසුනට පරව ගියෙ මැලවිලා වැද වගුරු දිය යටට ඇස් පියක් ගැහෙන්නට බැරුව වෑවෙන අයුරු හිස් පිටක් ඉරන්නට වෙතිද බාධක පවුරු තිස් පැයක් ගෙවන්නට නුඹට ජීවය පැවරු තිස් පස් පිඩක් ඉහින්නට ඉතුරු වේවිද කවුරු ඇඹිලිපිටිය Photo Credit: Strauss Western
කවිය බලන්න