මගේ අම්මට...

මගේ අම්මට...

ශාස්ත්‍රපති අජිත් වෙත්තසිංහ

පිපාසේ ලඟ කලේ පැන්පොද, අමා දිය බඳු දැනෙනවා... විඩාවේ ලද පෙලූතැන් හද, සමාදියකට ගෙනෙනවා... බවේදිත් මට ඔබේ ලත් සුව, සදාතන ලෙස පතනවා... මගේ මව්වර සදා කල්හිම, ඔබේ ඇසුරට පුදනවා... ළයේ රත්පැහැ සෙනේ කැන්දුව, කිරේ සුදුපැහැ විඳි ලොලේ... හදේ සිව්බඹ විහාරේ සැදු , සෙනේහයෙ ඇති තෙද බලේ... ලොවේ පෑ සුව සැපේදිත් ලඟ, දුකේ නැහැ අප තනිකළේ... මගේ අම්මට මගේ අම්මම, හැරත් සම නැතලොව තුලේ...
කවිය බලන්න