කපිල කුමාර කෙටි කවි

කපිල කුමාර කෙටි කවි

කපිල කුමාර කාලිංග

ඇමතුමක් හා සුසුමක් | ප‍ටු මාවත අස බස් නැවතුමේ නිතර ‍රැ‍ඳෙන රත් පැහැති කෙටි ගවුම හැඳි කෙසඟ තරුණියට දුරකථන ඇමතුමක් ඈ හෙළයි, දිගු සුසුමක් සවන් දුන් සැනින් අතීත මතක | ඇති තරම් සිනාසුණු අතීතය යළි සිහිවනා විට හැකිය ඇති තරම් හඬන්නට ගොදුර | අඳුරු අහස් කුස පියා සළයි දුඹුරු පැහැ උකුස්සෙක් තියුණු ඇසින් සොයමින් ගොදුරක් වැස්සට පෙර කැඳැල්ලට යනු රිසින්. ගොදුරු සොයති ගොදුරු එ මොහොත පහළ-පොළොවෙහි Photo Credit;Jeremy Hynes
කවිය බලන්න