සළකුණු

සළකුණු

දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

උල්පතින් ඉපිද කඳුරකින් ඇරඹුම ඇදවැටී ගල් බොරළු හෙල් මතින් විටෙක හැල්මෙන් විටෙක දුවමින් පිනවමින් දුටු දනන් නෙත් සිත් ඇළ දොළින් හස ලබා පොහොසත් නොනැවතී තුරු යටද සුවපත් සොයා ගියෙ ඈ සයුර නම් සිටු පතාගෙන ආ විලසකිනි තුටු ඉවුරු දෙකොපුල් සිනහ නංවා වැළඳගත් දා ජීවිතය පැතු මුහුව කරදිය වළල්ලේ රතු සැනින් බොරවිය මිරිදියේ නෙතු පසුව දැනගති ඈ බොහෝ තතු නදී බෝ විය සයුරු හිමි සතු හිතුන විට ගැලවිය හැකි ලෙස දකුණු වෙඳගිලි මත දරන මුදු හැරුණු කොට තිබිය යුතුමය තවත් බොහොමයක් සළකුණු පසුව දැනගන්න පෙර හැඳිනගන්නට සොදින් විවාහක පිරිමින්ව... Photo Credit ; Kate Bezzubets
කවිය බලන්න