රාමසාන් උත්සවේ

රාමසාන් උත්සවේ

සුනීශා සෂී සමරවීර

හෙට නිවාඩු හෙට නිවාඩු රාමසාන් උත්සවේ රට ඉඳි මුද්දරස්පලන් වලින් කෑම හැදෙන්නේ අම්මයි නැන්දයි අක්කයි ගේ දොර අස් කරන්නේ කොළ සැරසිලි මල් සැරසිලි තරු සැරසිලි දැමෙන්නේ ගිය සුමානෙ අම්ම ගිහින් ලස්සන රෙදි ගෙනාවා එහා ගෙදර ලලිතක්කා රැලි ගවුමක් මැහැව්වා වේල් පොටක් හැඩ වැඩ කර මගෙ ඔලුවේ රැදෙව්වා උස සපත්තු ටොක් ටොක් ගා බිම පොලවේ හැඬෙව්වා පල්ලි ගොසින් ගෙදර පැමිණි අයිය, සීය, වාප්පා තොප්පි දමා සුදු ඇඳගෙන කෝරානය අතැත්තා පුංචි අපිව වටකරගෙන පුංචි දෙසුම් දෙසත්තා ලොකු පිඟාන වටේ ඉඳන් කෑම කමුද අසත්තා සුවඳ ගෙනා බුරියානිය බත් වලිනුයි හදන්නේ කුකුල් මසුයි සම්බෝලයි රස කර කර කමින්නේ ඊට පස්සෙ කෙසෙල් දමා වටලප්පම් ගෙනෙන්නේ බඩ පුරවන් පුංචි ළමයි සෙල්ලමටයි දුවන්නේ -පුංචි අපට කවි සිංදු
කවිය බලන්න