බබෙක් ඉපදුනා

බබෙක් ඉපදුනා

සුනීශා සෂී සමරවීර

නිසල රැයක පායා විත් නිල් අහස් තලේ දිස්නෙ දි දී මිණි කැට තරු නිවි නිවී දිලේ දුර කතරක ගව ලෙන තුල බබෙක් ඉපදුනේ පුංචි බබා අම්මගෙ තුරුලේ නැලවෙන්නේ බා බා ගා බැටළු පැටව් කෑගසමින්නේ දුව පනිමින් ගොපළු කොලුන් අවදි කරන්නේ ඒ යාමේ මේ අසිරිය පුදුම දෙමින්නේ පුංචි බබා අම්මගෙ තුරුලේ නිදියන්නේ ඔටුවන් පිට තුන් ගොල්ලක් ගමනක් යන්නේ දේව දූතයෙකි උපතේ පුවත කියන්නේ දිලෙනා තනි තරුවකි රෑ මඟ පෙන්වන්නේ පුංචි බබා අම්මගෙ තුරුලේ නැලවෙන්නේ බැටළු පැටව්, ගොපලු කොලුන් බලා සිටින්නේ රජ තුන් කට්ටුව ඇවිදින් තුති පුදමින්නේ දෙමාපියන් හරි සතුටිනි කඳුළු සලන්නේ පුංචි බබා අම්මගෙ තුරුලේ හිනැහෙන්නේ පුංචි අපට කවි සිංදු
කවිය බලන්න