අග්නි

අග්නි

ගමගේ ලයනල්

____ කදුරු ගෙඩියක් වැටී වතුරෙ පාවුණු හැටී ගහත් නෑ දියත් නෑ පොළොව රත් පැහැය වී පඳුරු ගස් පිරුණු කඳු ගිනි තියා අඳුරු වී ගස් කඳන් මොරටුවට යන්න ලොරිවල නගී වැහි ගේන වළාකුළු ඇබිත්තක් කෝ? අනේ බඩ පොත්ත හැකිලිලා මිරිඟුවට කටු ඇහේ වෙන ද ඇති හාදකම් මග හැරී සතුරු වේ ආයෙ තව ගින්නකට පරිසරය දරුණු වේ තියුණු ආයුධ වගේ කැපෙන සිතිවිලි නැගේ පිපුණු කුසුමක අගේ සොයනු බැරි වී තියේ බැඳුණු ආදර හුයේ ලිහෙන පැත්තට හැරේ ඔලුව රත් කරන ගිනි ගෙදර මැද සාලයේ
කවිය බලන්න