මගේ පුතුට....

මගේ පුතුට....

ඉෂංකා මිහිරි කුමාරතුංග

දුර බව දැන ගෙන ගඟන මුදුනත හිනැහෙන්න නුඹ දන්නවා... රිදෙන බව දැනගෙන බොරළු මත ඇවිදින්න නුඹ දන්නවා.... ඔය සියුමැලි සිත රිදෙනවා... ඇත්තමයි මම දන්නවා.... සමනල කඳු මුදුන මත සමනලුන් විඩා නිවනවා.... මගේ පුතේ නුඹ එයත් දන්නවා... උකුල මත යහන ඉඩ මදී පුතු ලොකු වෙලා දැනෙනවා.... වියළි දෙතන රැලි වැටී ස්නේහය ඉතිරි වෙලා...ඒත් රිදෙනවා... මගේ පුතේ නුඹ ලොකු වෙලා දැනෙනවා.... හෙවනැල්ල උනත් විටකදි අප හැර දමා යනවා.... අඳුරු උනත් වලා මැදකදී එළියක් රැදෙනවා.... මගේ පුතේ තනියට මං ඉන්නවා.......
කවිය බලන්න