දෙවියන්ගේ (වෙබ්) අඩවිය

දෙවියන්ගේ (වෙබ්) අඩවිය

රංජිත් ද සිල්වා නවසීලන්තය

ලොවම උඩුයටිකුරු කල - කොවිඩ් නිසාවෙන් සයුරින් එතෙර සිට - ලක්දිවට භාරතයට නොහැකිව යන්නට - දෙව් සරණ යදින්නට දනන්ගේ දුක් කඳුළු - උණුසුම් කළා - සක් දෙවිඳු ආසනේ කොවිඩ් වලටවත් රත් නොවුණු සක් දෙවිඳුන් කැඳවා දෙව් සබය කතිකා කළා - මේ අසරණ දනන් ගැන තරුණ එක් දෙවියකු - පෙර බවයේ අයි ටී ශුරයකු සබය අමතා - කීවේ තම අදහස වෙබ් අඩවියක් හදන්නට සාමුහික කැමැත්තයි - සක් දෙවිඳු අනුමැතියයි ලැබුණි නොපමාව - වෙබ් අඩවිය සැකසුමට දේව මහිමයෙන් - එක් ක්ෂණයෙන් ඩබ් ඩබ් ඩබ් ඩොට් දෙවියන් ඩොට් කොම් මැවුනා අන්තර්ජාලයේ දෙව් සරණ ඇවසි නම් - දෙවලොට නොගොසින් ලොව කොතන හෝ සිට - දේව වෙබ් අඩවියට ලොගින් විය හැක - රහසිගත අංකයෙන් ඩ්‍රොප් ඩවුන් මෙනුවෙන් - තෝරාගෙන දෙවිදුන්ව දෙව් සරණ යදින්නට - පුජා වට්ටිය - භාරහාර මේ සියලු පහසුකම් - සලසා ඇත වෙබ් අඩවියේ පුජා වට්ටිය මිලදී ගන්නට - පමණි මුල්වරට මුදල් වැයකළ යුත්තේ අයැදීම හරි ගියකළ - සත් දිනක් ඇතුලත මුළු මුදල නොගෙවතොත් දේව කෝපයට හසුවෙන වග වෙබ් අඩවියේ පහලින් - ලියා ඇත රතු අකුරින් 07 මැයි 2021
කවිය බලන්න