මියුලැසිය ඔබම විය

මියුලැසිය ඔබම විය

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

උඩු සිතෙහි රැගුම් පා යටි සිතෙහි ලැගුම් ගෙන ජීවිතය කියා දුන් මියුලැසිය ඔබම විය මියැදෙන්න වරම් ලැබ වැතිර ගත අසරණව බලාහුන් අතීතය නිමා කළ නොනගතය මියුලැසිය ඔබම විය ඉනුව කඳුළක් නෙතට නැගිට යන්නට පෙරට ණය ගැතිව මා ඔබට මියුලැසිය ඔබම විය සුළං රොද නලලෙවිත් කෙහෙරැල්ල අවුල්කොට පෙර නොවිදි අසිරියක් පෙම් බදිමි මම ඔබට මියිලැසිය ඔබම විය
කවිය බලන්න