හෙටත් පෙරමුණ ගනිමි

හෙටත් පෙරමුණ ගනිමි

නදී ශානිකා මහනුවර

දැවෙන ඇවිලෙන දුවන සිත තුරග වේගෙන් මැවෙන බොදවෙන දහස් නේක රෑ රාගෙන් පිපෙන පරවෙන විලස දිවිය නෙක වේසෙන් නිවෙනු මිස ඇවිලීම අවැසි නැත නුවණින්.... කිරණ මත රන්දාන ජිවයක සවි ගුණ දෙරණ මත අතුරාන හිරු එළිය දිළිසෙන නැගෙන ගිරි හිස මතින් ලෝ අදුර දුරලන පොරණ ලක දිනු පුතුන් ලෙස වදිමි බැතියෙන.... සසර හුරු ගති ඇතිව හෙළයනට ප්‍රේමෙන් නොතිර බව දැන හැදින යනෙන තුරු මෙලොවින් අදිටනින් රට රකිමි ලෝ සතට කුළුණින් හෙටත් පෙරමුණ ගනිමි මව් බිමට ස්නේහෙන්.. Photo credit;Danilo Ćalić
කවිය බලන්න