සිතිවිලි

සිතිවිලි

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

පෙනේ මට , දිගන්තය දෙසින් නැවතී සිටින රිදී, අඳුරු වලා පොකුරක්, එක ගොඩේ පිපුණු යෝධ හතු සේ, ඔසවා හිඳියි හිස්, හේමන්ත සීතට පාෂාණිභූතව ගිය ලෙස. බලා සිටින විට ඒ දෙස, හැඟෙයි මට කුමක් දෝ වෙනසක්, සොම්නසක් සහ සංතාපයක් අතර දෝලනය වීමක් , අතීතයත් වර්තමානයත් අතර අතරමං වීමක්. රැහැන් ඇද මා මනසේ සන් කළෙමි ඉගිලෙන්නට ඉගිලී දියවන්නට, දියවී සැඟවගන්නට දිගන්තයේ නැවතී ඇති , ඒ වලා පොකුර යට එහෙත් අකර්මණ්‍ය ව ඇත මා සිතිවිලි සැරුම් පත්. Photo Credit; Robert Murray
කවිය බලන්න