ඔබ

ඔබ

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

අඳුරු ලොව තුළ ගිලුණු හදවත ස්නේහයෙන් පුරවා සොඳුරු පෙමකට අන්ධ වී ගිය දෙනෙත් යළි ඇරවා යටිකුරුව තිබු ප්‍රේම බඳුනක් උඩුකුරුව හරවා වැසී ගිය ආදරේ නිවහන පියන් පත් හැරදා ගිලන් වූ හදවතට පණ දී දයාවෙන් පුරවා සිතේ සැනසුම සතුට සෙනෙහස නිබඳවම පෙන්වා නවමු හැඟුමෙන් වෙලා සියොළඟ ප්‍රේමයෙන් පුබුදා යළිත් මට ජීවිතය ගෙනදුන් ඔබ ය ඔබමය මා නිසල බව සිඳ හමන මඳ නල සුවඳ හා මුසුවී පෙළුණු ගත සිත නිවා සරතැස වැළඳ උණුසුම දී දෙහද එක්වී සිහින ලොව තුළ එකම හදවත වී වලා පෙළ සිප වැළඳ පුන්සඳ ලොවම අමතක වී Photo credit ; freestocks
කවිය බලන්න