කෙටි කවි

කෙටි කවි

කපිල කුමාර කාලිංග

සුළඟ ---------- සීත සුළඟින් අවුල් වෙයි හිස කෙස් මෙන්ම සිතිවිලි ද වසාලමි කවුළුව, තදින්. වෙසඟන ---------------- සැඳෑ වෙසඟන සැරසී රතු සාරියෙන් මගේ දොරකඩ දැවටි දැවටී ඉඟි මරයි. තවත් ගමනක් ------------------------- අහසින් වට පියාපතක් කැරකෙමින් අවුත් වැටී ගං දිය මත පාව යයි සෙමෙන් . රතු එළි ------------- රතු එළි... රතු එළි....රතු එළි අහස ද අලෙවි වූ බැව් සංඥා කරයි. නිවුන්නු -------------- දෙරටක වෙසෙන කිසිදින හමු නොවූ කවීන් දෙදෙනෙකුගේ කවි අතර නිවුන්නු. 24/06/28
කවිය බලන්න