දුම් කවුළුව

දුම් කවුළුව

තුෂාරි ජයසිංහ මහනුවර

කලෙකින් නගින දුම් රොටු සිප වැළඳ සියොලඟ කිතිකවා පිනවයි සිතම සැනෙකින් ලැබ දී නිරාමිස සුවයක් සීතලට ගල් වී සිටි දුඹුටු වැල් එල්ලි එල්ලී චිමිනියේ පදී ඔන්චිල්ලා තනාගෙන යොහොඹු යහන් කරකාර බැඳි පාළුවට පෙම් කර කිරා වැටෙමින් හිටිය ගෙදරක් යළිත් පිරෙනවා වළළු හඬෙකින් පැතුම් බොහොමැයි මග බලන් මහ ගෙයින් නික්මී කතර ගෙවා විත් යළිත් ඈ බත ඉදෙන පමාවට උණුසුමක් ලැබ දේවී මොළවමින් ගිනි සිලක් 2024.05.19
කවිය බලන්න