අනුබුදු වරුණ

අනුබුදු වරුණ

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

ස්ථායී බුද්ධ ධම්ම සාර සංඝ - ධම්ම දීප පින් බිමේ// ඇසේ ඇසේ ඇසේ ඇසේ උතුම් බුදුන් දෙසූ සුදම් මහෝද සේ - සුදම් මහෝද සේ...// අන්තරා 1 වැව දාගබ ගම පන්සල - කෙත් වතුපිටි අසිරි සිරිය// ගොවි ගෙවිලියො නෙක ගොවිකම කරති මෙ බිම එ දවස සිට පැරකුම් පිළිරුව අබියස - දෑ හැඟුමේ පියුම් පිපෙන දිනේ දිනේ සදා දිනේ - මෙ සුසිරි ලක දියේ මෙ සුසිරි ලක දියේ... අන්තරා 2 අහස් තල අරා පැන නැඟි - සිරි සමනොල ගිරි ශිඛරය// වන්දනීය මුණි පා - පංකජ පහසින් විරාජමාන දේශ දේශයෙන් ඇදී - අටඟ සෑ රදුන් වෙතේ මෙත් ගුණෙන් පිපී හදේ - පිදේ පිදේ බැතින් සුපුණ්‍ය දම් මලින්... අන්තරා 3 බුද්ධ පුත්‍ර මහානුභාව - මහාවංශ පොත් පෙළේ// ලියකම් ඇම්බැක්කේ - රස කලා මීර දඹුලුගලේ ලියා තනා තැබූ අගේ - සමාධි අවුකන රුවේ දිලේ දිලේ හෙළේ දැයේ සිරී විභූතියෙන් සිරී විභූතියෙන්... අන්තරා 4 සිහල බොදුනු හැදියාවයි - සිරිත විරිත සමුදායයි// අත්කම් ගෘහ ශිල්ප `ඥාණ - සම්ප්‍රයුක්ත දාන මාන මිහින්තලා ගිරි ශිඛරය - අනුබුදු හිමි ලකට වැඩිය සිසි වණ නැහැවෙන අරුමය - බලන් පොසොන් සඳින් මේ මිහිඳු දිනේ... - මේ මිහිඳු දිනේ... - මේ මිහිඳු දිනේ... ***** 2024.06.01
කවිය බලන්න