නැවතිලා ඉමුද එක මොහොතක්….

නැවතිලා ඉමුද එක මොහොතක්….

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

මල් පිපෙන්නේ නැතිනම් , කොයිද මේ හැටි සිරියක් හිම වැටෙන්නේ නැතිනම් , කොයිද මේ හැටි සිසිලක් ඇහැ කොනින් බලනට බැරිනම් කිම දකින්නේ හැඩයක් හැඩය අරුමැසි වෙනසක් සරු පසක් හිමි නැතිනම් , කිම හැදෙන්නේ පල වැල් හිරු එළිය දැක නැතිනම්, කිම දිලෙන්නේ දල්ලක් රැය විදින්නට බැරිනම් කිම දකින්නේ තරුමල් රටාවකි ඒ වියමන් හැඩ මවන්නට බැරිනම් , හැඩවේද හඳ මෙතරම් තනි රකින්නට බැරිනම් , හිත බැදේවිද මෙතරම් එසිත රඳනට බැරිනම් , සතුට දෙනවද පහසක් ලබැදි සුවයක හැඩයක් ඉවසලා ඉන්නට බැරිනම් , විසිරේද හැගුමන් මෙතරම් කලබලය අඩු නැත්නම් , පෙනේවිද සිරි මෙතරම් හති හලා දුවන මේ ලෝකෙන් නැවතෙමුද අනේ අපි පොඩ්ඩක් නැවතිලා ඉමුද එක මොහොතක්
කවිය බලන්න