දෝංකාරයක්

දෝංකාරයක්

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

නගර සභා උද්‍යානය විහාර දේවිය ඉන්නා ජල මල් මැද පිපාසයෙන් කෑරළ හඬ පතුරන්නා ඩාබිඳු පිස ජනසේනා උයනේ මැද හතිලන්නා ස්වේත මන්දිරය අබියස දෝංකාරයක් ඇසෙනා ඉදිරි මගක් නැති සුදු පැහැ මහරු මන්දිරේ ඉන්නා අසරුවෝද බිම බලාන ඉර හඳ තරු නොදකින්නා ඈත මෑත හෝන් හඬින් සවන් බිහිරි කරලන්නා මාවත් අඳුරින් පිරිලා අඬ බෙරයක් නැත ඇසෙනා අනුරාපුර රජ මැදුරේ ගාම්භීර ලෙස උන්නා මව් දේවිය කොළොම්පුරේ කණුවක් මත හිඳුවන්නා ආත්මයක් නැති ජන ගඟ විනෝදයෙන් කඹුරන්නා ස්වේත මන්දිරය අබියස දෝංකාරයක් ඇසෙනා
කවිය බලන්න