සසර හුය

සසර හුය

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

ඇය ට හැකි දෙන්නට තුනු සපු විල මන නඳන ප්‍රියයෙකුට සිය මනාපෙට කිමිද සැනහෙන්නට දිව ගා විඳින්නට නමකි ඒ දානයට ප්‍රේමය කැමති නම් පසුවට රාමු කර ගත හැකි විඳ විඳ බලන්නට බල බලා විඳින්නට ඇය ට හැකි දෙන්නට එ හැම යම් මිලකට නමකි ඒ ගැහැණියට පුරඟන දෙන විට එ හැම ඇය මිලෙන් එපිටට රජෙකුට රජ පැටියකු ට නමකි ඒ ගැහැණියට මැතිනිය ඇමතිනිය මෙහෙසිය නටයි මුළු ලෝකය ම ඇගේ පද තාලයට මාරු කර ඈ පා තියයි ලෝකයේ තාලයට ඇයයි මුල හැම පටලැවිල්ලට ඇයයි හේතුව සතුටට මොහොතකට ඇය යි හේතුව දුකට දින සති මාස සදා කාලයට ඇයයි හේතුව උපත ට එ යයි හේතුව මරණයට හුයයි ඇය බැඳ තබන අප හැම සසර ගමනට 29-05-2021 ගැහැනිය විවිධ භූමිකා රඟමින් සියුම් අදෘශ්‍යමාන හුයක් මෙන් අප හැම බැඳ තබා ගෙන සංසාර චක්‍රයේ රැගෙන යයි
කවිය බලන්න