සීතල දුරුත්ත

සීතල දුරුත්ත

උපාලි අත්තනායක මහනුවර

සීතල දුරුතු මහේ පිණි විසිරෙන හිමිදිරියේ ලා හිරුරැස් මල් පෙති අග පිණි මිණි මුතුසේ දිලිසේ ඇවිදයමුද අපි වැව් ඉවුරේ පිණි පොද පෑගී තොල් පෙති වියලී හිරිගඩු පිපිලා උනුසුම දෙන්නම් ලංවීලා කෙස් රොද විසිරී නෙත් අග ඇලලී ඔසරිය ඉනවට පැටලීලා මුරංඩු සුලගක් ගත වෙලිලා අපේ නිහඬ ගී ඇහිලා වාගෙයි තාල රටාවට පෙරලි කරනවා දංඩි පැටව් දිය බොරකරලා වැව් ඉවුරට ගොඩවෙන්ට වගේ
කවිය බලන්න