කඩුපුල් රැඟුම

කඩුපුල් රැඟුම

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

​ සඳ එලියේ පිබිදෙන​ හිමිදිරියේ මැලවෙන​ රැයකට විකසිත වන​ දුටුවන් වශී කරවන​ විස්මිත කඩුපුල් රැඟුම ඉකුත් රැයෙහි දිටිමි මම​ මෙයයි ඔබ දොරට වැඩුම එයමයි ඔබ​ අවසන් රැඟුම නිමල අමිල​ කඩුපුල නොනෙලා බලන් මේ මල​ අන් සතු නොවේ කඩුපුල නෙලුවොත් නැසේ මේ මල​ ලෙලවා පෙති එක එක​ අඳුරේ පියකරු රැඟුමක​ නියුතු රුවැති දෙවඟනක​ දිටිමි විකසිත වන මලක​ කඩුපුල් මලෙන් ඉගැනුම​ අතිර බැව් දිවි පැවතුම​ බැවින් තව්කල් අප විසුම දියන් සතහට රැඟුම උපරිම
කවිය බලන්න