ජල  පහර

ජල පහර

ගමගේ ලයනල්

බණ්ඩි ගොයමට මක්වුණාදැයි කියා දන්නෙ ම නෑ ගොනා කන්නට හිතං හිටියට පිදුරු මණ්ඩිය නෑ බලං හිටියට එන්න යායට ගිරව් රොත්තම නෑ වතුර ඇවිදින් කුඹුරු අල්ලං අත් හරින්නෙ ම නෑ කෝං ගහ ළඟ මායිමේ බැඳි වක්කඩේ බැමි නෑ වාං දොර ඇර හිතක් පපුවක් අපට දුන්නෙ ම නෑ රූං පෙතිවල ඉඳන් බැලුවට කොක්කු බැස්සෙ ම නෑ අනේ කන්නට බත් පිඩක් හෙට අපේ කුස්සිය නෑ Photo; Alexey Demidov
කවිය බලන්න